දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වන වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය .
මේ අනුව සත්වෝද්‍යානයේ සිංහයාට කොවිඩ් ආසාදනය වී ඇත්තේ මේ සේවකයාගෙන් දැයි සොයා බලා ගෙන යන බවද ඔහු කීය .
මේ අතර දෙහිවල, පින්නවල හා රිදියගම යන සත්වෝද්‍යාන තුනේම සේවකයන් කොරෝනා පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
කොරෝනා ආසාදනය වූ සිංහයාගේ තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බවත් සත්වයා යම් ප්‍රමාණයකට ආහාර ලබා ගන්නා බවත් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය .
කෙසේ වෙතත් සිංහයා සෞඛ්‍යමය වශයෙන් යථා තත්ත්වයට පත්වීමට අඩු තරමින් දින විස්සක්වත් ගතවනු ඇතැයිද ඔහු කීවේය .
සිංහයාට කොරෝනා ආසාදනය වීමට පෙර එහි හිපපොටේමස් සත්වයකු හා සීබ්රා පැටවකු මියගොස් ඇති අතර ඒ සතුන් දෙදෙනා මියගොස් ඇත්තේ වෙනත් ආබාධ හේතුවෙන් බවට අදාළ මරණ පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයිද දිසානායක මහතා පැවැසීය .
මේ අතර සිංහයාට කොරෝනා ආසාදනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත් එහි අවසන් වාර්තාව දින දෙකකින් ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවත් වනජීවි අමාත්‍ය සී.බී රත්නායක මහතා ලංකාදීපයට පැවැසීය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ