හෙට (21) දින රට විවෘත වන්නේ සීමාවන්ට යටත්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
ඒ අනුව එම සීමාවන්ට යටත්ව කටයුතු කළයුතු බව ඔහු පෙන්වා දී ඇත.
මේ අනුව නිවසේ සිට රාජකාරී කිරීමට හැකියාව තිබෙන පිරිස් එසේ සේවා සඳහා යොදා ගත යුතු වන අතර කාර්යාල සේවා සඳහා ගෙන්වා ගත හැක්කේ අවශ්‍යම අවම සේවක සංඛ්‍යාවකි.
සෑම පුද්ගලයෙකුම මුහුණු ආවරණයක් පැලඳ සීටීම අනිවාර්ය වෙයි.
මේ අතර නිරෝධායනයට අදාළ අනෙකුත් නියෝග ද ඒ ආකාරයටම පිළිපැදිය යුතුය.
පළාත් අතර සංචරණ සීමා ඒ ආකාරයටම ක්‍රියාත්මකය. ඒ අනුව පළාත් හරහා ගමන් කළ හැක්කේ සුවිශේෂී කරුණක් සඳහා පමණි.
සාද, විනෝද ගමන්, චාරිකා, වන්දනා ගමන් සඳහා අවසර හිමි නොවේ.
පොදු ස්ථානවල සමූහ ලෙස ගැවසීම නොකළ යුතු වෙයි.
මේ වන විට දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා හෙට අලුයම 4.00ට ඉවත් කිරීමට නියමිතය.
කෙසේ නමුත් 23 වනදා රාත්‍රී 10.00 සිට යලි සංචරණ සීමා පැනවෙන අතර එය 25 වනදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මකය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ