රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රජයේ මත්පැන් බෝතල් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු මාලඹේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ මත් පැන් බෝතල් පන්සිය හතළිහක් හා මෝටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත
මෝටර් රථයකින් රජයේ මත්පැන් බෝතල් ප්රවාහනය කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ප්රසාද් රත්නායක මහතාට ලද තොරතුරක් අනුව මාලබේ නගරයේ දී සැකකටයුතු මෝටර් රථයක් නවතා පරික්ෂා කිරීමේ දී එහි තුළ තිබූ මත්පැන් බෝතල් 48 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් සිදු කළ ප්රශ්න කිරීමේදී මාලඹේ රොබට් ගුණවර්ධන මාවතේ සුඛෝපභෝගී නිවසක් තුළ ගබඩා කර තිබූ තවත් මත්පැන් බෝතල් හාරසිය අනූ දෙකක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරීහු පැවසීය
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට