අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 4 දෙනාට අයත්ව තිබු වාහන 4 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
ඒ එම වාහන යොදා ගනිමින්, මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට හෙළි වීමත් සමගයි.
වාහන අතරට, වෑන් රථ දෙකක්, ජීප් රථයක් සහ මෝටර් රථයක් අයත් වේ.
පොලීසිය පැවසුවේ, සැකකාර නිලධාරීන් සතුව තිබී ටී 56 ගිනි අවි සඳහා යොදන මැගසින් එකක් ද සිය භාරයට ගත් බවයි.
දැනට සැකකරුවන් සතුව තිබු රුපියල් තුන්කෝටි එකලොස් ලක්ෂ හතළිස් පන්දහසක මුදලක් ද, සොයා ගෙන ඇති අතර, තවත් රුපියල් ලක්ෂයක මුදලක් කරන්දෙණිය ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පැවසී ය.
මේ අතර, සැකකාර පොලිස් නිලධාරීන් රඳවාගෙන ප්‍රශ්න කිරිමට පියවර ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔවුන්ගේ සේවය ද අත්හිටුවා ඇති බවයි.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්