දෙහිවල සත්වෝද්‍යානයේ කොරෝනා ආසාදිත සිංහයා ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බව සහ සත්ත්වයා කුකුළු මස් පවා ආහාරයට ගෙන ඇති බවත් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ.
මේ අනුව සිංහයා නැගිටීමටද උත්සාහ දරන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් සිංහ ධේනුවගේ පී.සී.ආර් වාර්තාව තවමත් ලැබී නොමැති බවත් එය අද හෝ හෙට ලැබීමට නියමිත බවත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර කොරෝනා ආසාදිත සිංහයාට ප්‍රතිකාර ලබාදීමට ඉන්දියාවේ සත්වෝද්‍යානවල පශු වෛද්‍යවරුන්ගේද සහය ලබාගෙන තිබෙන බවත් වනජීවී රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි