ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකක් ඇතුළු ICC ය සංවිධානය කරන ප්‍රධාන තරගාවලි තුනක සත්කාරත්වය සඳහා තරග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බවට අද මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කලා.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව 2024 සිට 2031 දක්වා කාලය තුළ සංවිධානය කරන ප්‍රධාන තරගාවලි අතරින් එක්දින සහ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය බැගින් සහ ශූරයන්ගේ කුසලාන තරගාවලියක් සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන බවත් ඇතැම් තරගාවලිවලට ලංසු ඉදිරිපත් කිරීමේදී තවත් රටවල් සමඟ සම්බන්ධ වී ලංසු ඉදිරිපත් කරන බවයි එහි සදහන් වූයේ..
එම වසර අට තුළ අන්තර්ජාතික ක්‍රිකට් සභාව පිරිමි සහ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ද ඇතුළත්ව ප්‍රධාන තරගාවලි 12 ක් පමණ සංවිධානය කිරීමට නියමිතය.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි