සුසන්තිකා ජයසිංහ කියන්නේ මලල ක්‍රීඩාවෙන් අපේ රටට විශාල කිර්තියක් ගෙන දුන් ක්‍රීඩිකාවක් විය. 1983 වසරේ දී ආරම්භ වුණු ලෝක මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසය තුළ වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනාගත් දකුණු ආසියානු රට බවට පත්ව සිටින්නේ ශ්‍රී ලංකාව යි. ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකාව ලබාගත් පදක්කම් 2ම හිමිකර ගත්තේ මීටර් 200 ඉසව්ව යටතේ තරග කළ සුසන්තිකා ජයසිංහ වීමයි. ඇය හා සම්බන්ධ මෙවර ඔලිම්පික් තරගාවලිය සදහා සහභාගිය වන අපේ රටේ දක්ෂ ක්‍රීඩිකාවක් ගැනයි මේ විස්තරය. ඇය නමින් මේධානි ජයමාන්න වේ. කොළඹ ලුම්බිණි විදුහලේ 13 වසරේ ඉගෙන ගන්න සිසුවියක් වන ඇය අපේ රටේ දක්ෂ ක්‍රීඩිකාවක් වන සුසන්තිකා මෙන් යකඩ ඇගක් මෙන්ම යකඩ හිතකුත් තියෙන දක්ෂ ක්රිඩිකවක් වේ. විශේෂම කරුණ වන්නේ ආසියාවේ කළු වෙළඹ කියලා හැදින්වෙන සුසන්තිකා කියන්නේ ඇයගේම පුංචි අම්මා වීමයි. ඒ කියන්නේ සුසන්තිකාගේ වැඩිමහල් අක්කාගේ දියණිය වන්නේ මේ මේධානි ජයමාන්න යි.
මෙවර පැවති 99 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී කාන්තා 100m තරග ඉසව්වෙන් 3 වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වු මේධානි මේ වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලින් සදහාද සහභාගි වනු ලබනවා. ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 100×4 සහාය දිවීමේ තරග ඉසව්ව සඳහා සහභාගි වන අතර එම තරග ඉසව්ව සඳහා පාසල් මට්ටමින් සහභාගී වන එක ම ක්‍රීඩිකාව වන්නේ ඇයයි. මෙම තරගයේ දී ශ්‍රී ලංකා 100×4 කාන්තා සහාය දිවීමේ කණ්ඩායමට ඔලිම්පික් මට්ටම දක්වා ළඟා වීමෙන් මෙම වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වීමට ඇයට අවස්ථාව හිමි වනවා. මේ පාර ඔලිම්පික් සහාය දිවීමේ තරග ඉසව්ව සදහා සහභාගී වන දක්ෂ ක්‍රීඩිකා මේධානි ඇතුළු කණ්ඩායමට අපේ රට රනින් බබළවන්නට හැකි වේවා යැයි හදවතින්ම අපි සුබ පතන්නෙමු.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්