කජු සංස්ථා ඉතිහාසයේ මුල් වරට කජු මද අලෙවියෙන් ඉකුත් මාර්තු මාසයේදී රුපියල් කෝටියක ආදායමක් උපයා ඇතැයි එම සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාරංගා රත්නායක පැවසුවාය.

කොවිඩ් පැතිර යාමට පෙරදී කජු සංස්ථාවේ කජු මද අලෙවියෙන් වැඩිම අලෙවියක් ලෙස වාර්තා වී ඇත්තේ රුපියල් ලක්ෂ තිහත් හතළිහත් අතර මුදලකි.
කජු සංස්ථාව යටතේ ක්රියාත්මක කොල්ලුපිටිය, අඹේපුස්ස, නාරාහේන්පිට, වැල්ලවත්ත, රාජගිරිය, බලංගොඩ සහ මඩකලපුව යන අලෙවිසල්වලින් කජු අලෙවිය ශීඝ්ර ලෙස ඉහළ ගොස් ඇති බව ද ඇය කීවාය.
ඉදිරි මාස දෙක ඇතුළතදී කජු වයින් වෙළෙඳපොළට හඳුන්වාදීමට කටයුතු කරන බවද සභාපතිවරිය පැවැසුවාය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ