අද වනවිට රට මූල්‍ය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙනුත් බංකොලොත් වී ඇති බවත් ආණ්ඩුව සංවර්ධනය වෙනුවට ගරා වැටීම රටට රැගෙනවිත් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් අභියස අපේ රට ඉතිහාසයේ බරපතල අගාධයක වැටී ඇති බව ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.
අද (01) පැවති සමගි ජන බලවේගයට අනුබද්ධ සමගි තරුණ බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමට සහභාගි වෙමින් විපක්ෂ නායකයා මේ බව පැවසීය.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති මෙම රැස්වීමේදී තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකයා පවසා සිටියේ ආණ්ඩුව නොවලහා කළ යුත්තේ මේ ආර්ථික කඩා වැටීමට විසඳුම් සෙවීම බවය. එහෙත් ආණ්ඩුවට එවැනි අවශ්‍යතාවයක් හෝ වැඩපිළිවෙළක් නැති බවද ඒ මහතා පැවසීය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ