හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට දුන් දඬුවම පිළිබදව මානුශිකත්වයෙන් යුතුව නැවත සලකා බලන්නැයි ජනාධිපතිවරයා ප්රමුඛ සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
එම ඉල්ලීම රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් ජනතාව අතරින් එන අභියාචනයක් ලෙස සලකා බලා ජනාධිපති සමාව යටතේ ඔහු වෙනුවෙන් ගත හැ නීත්‍යානුකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදාගනිමින් සලකා බලන ලෙස ද ජයසූරිය මහතා ඉල්ලා සිටියේය.
බොහෝ අයට අදාළව උණු වී ඇති ජනාධිපතිවරයාගේ හිත රන්ජන් රාමනායකට වෙනු වෙන්ද ද උණුවෙත්වා යයි ප්‍රාර්ථනා කරන බවත් කරු ජයසූරිය මහතා පැවසීය.
More Stories
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි
මැතිවරණයේ ප්‍රතිඵල එක්ක මෙතෙක් පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටි මන්ත්‍රීවරුන් 50කට මන්ත්‍රී ධුර අහිමි වෙයි
විජිත හේරත් අගමැති හරිනිගේ වාර්තාව අලුත් කරයි