ගොඩකවෙල ගාමන්ට් ෆැක්ට්‍රියක 26කට කොවිඩ්

කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වූ ගොඩකවෙල ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 30 දෙනෙකුට කළ PCR පරීක්ෂණවලින් 26 දෙනෙකුම ආසාදිතයින් ලෙස තහවුරු වී තිබේ.

ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ ඇගලුම් කර්මාන්තශාලාවක් පසුගිය 26වැනිදා වසා දමා තිබේ.

මේ හේතුවෙන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වූ පවුල් 150ක් නිරෝධානයට යොමු කෙරුණි.

කර්මාන්තශාලාවේ පාලන අධිකාරිය සෞඛ්‍ය මාර්ග උපදේශ නොසලකා කටයුතු කිරීම හේතුවෙන් මෙවන් තත්ත්වයක් උද්ගත වී ඇති බව සෞඛ්‍ය අංශ චෝදනා කරයි.

“ඇඟලුම් කර්මාන්තශාලාවේ නොසැලකිලිමත්කම නිසා තමයි මෙම තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. දැනටමත් සමස්ත ආසාදිතයෝ 45ක් වගේ වාර්තාවෙලා තියෙනවා.”ගොඩකවෙල මහඡන සෞඛ්‍ය පරික්ෂක විපුල කුමාර මහතා මේ බව සඳහන් කරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com