ලෝකයේ බොහෝමයක් ජනතාව මුහුණ දෙන පානීය ජල ප්‍රශ්නය මෙන්ම ජලය සම්බන්ධ තව ප්‍රශ්නයක් ලෙස වකුගඩු රෝගය හදුන්වන්න පුළුවන්. අපේ රටේ ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන මෙම ප්‍රශ්නයට අපේ රටත් මේ වන විට මුහුණ දී හාමාරය. මේ හේතුව නිසා බොහෝමයක් දුප්පත් ජනතාව ගැටළු රාශියකට මුහුණ දෙනු ලබනවා. මේ රෝගය සදහා මුලික වන්නේ ඔවුන් පානය කරන ජලයයි. ඔවුන් පානය කරනු ලබන්නේ කිවුල් ජලය මීට ප්‍රධානතම හේතුවයි. ඊට අමතර ජලය පිරිසිදු භාවයෙන් තොරවන නිසාත් මේ රෝගය ඉක්මනින් මහජනතාව අතර පැතිරි යනවා. මේ සදහා විවිධ විසදුම් ඉදිරිපත් කරනු ලැබු අතර විවිධ අත්හදා බැලීම් සිදු කරනු ලැබුවා.
ඒ ආකාරයෙන් වකුගඩු රෝගය සැදීම වැළැක්වීය හැකි, පානීය කිවුල් ජලය පිරිසිදු ජලය බවට පත් කළ හැකි වටිනා නිර්මාණයක් සිදු කරන්නට අපේ රටේ පාසල් සිසුවෙකු සමත් වනවා. මෙම නිර්මාණය වන්නේ කිවුල් ජලය පිරිසිදු පානීය ජලය බවට පත් කරන ජල ෆිල්ටරයක් වේ. මෙම ෆිල්ටරයේ ඇති විශේෂත්වය වන්නේ මෙහි ඇති ඖෂධ වර්ග නවයක් ඔස්සේ ජලය පෙරී යන අතර එම ජලය නැතව රත්කර වාෂ්ප කිරීමට ලක් කොට නැවත සිසිල් වීමද මෙම ෆිල්ටරය ඔස්සේ සිදු වන අතර එය පිරිසිදු පානීය ජලය බවට පත් කිරීමට හැකි වේ.
මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ විනාඩි විස්සක් වැනි සුළු කාලයකින් අපිරිසිදු ලවණ මිශ්‍ර ජලයද පානීය ජලය බවට පත් කිරීමට හැකියාව ඇත. මෙය නිර්මාණයෙදෘ රුපියල් දෙදහසක් වැනි මුදලක් වැය වී ඇති අතර මේ ෆිල්ටරය සැදීම සදහා යොදා ගෙන ඇත්තේ වළං මැටි වේ. මෙම ෆිල්ටරය නිර්මාණය කරනු ලබන්නේ එවක රඹුක්කන හූරිමලුව මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබු සාකීර් අහමඩ් සිසුවා විසින් වේ. මොහු විසින් මෙම නිර්මාණය සිදු කර තිබුනේ තම විදුහලේ නව නිපයුම් තරගාවලියක් සදහා ඉදිරිපත් කිරිම සදහාය. මෙම නව නිර්මාණය සබරගමුව පළාත් නව නිපැයුම් තරගෙන් ජයග්‍රහණය කරන අතරම සහසක් නිපවුම් ජාතික තරාගාවලියෙන් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරිමට සමත් වනවා.
අපිරිසිදු පානීය ජලය පානය කරන බොහෝමයක් දෙනාට පිහිටක් වන මෙම වටිනා නව නිර්මාණය දියුණු කරමින් මහජනතාවගේ සෞඛ්‍ය තත්වය වර්ධන කර ගැනීම උදෙසා තව තවත් වැඩි දියුණු කරමින් අදාළ ප්‍රදේශන් කරා ලබා දෙන්නට හැකි නම්. වකුගඩු වැනි අවසානවන්ත රෝග වලින් අහිංසක ජනතාව බේරා ගැනීමට හැකියාව ඇත. ඊට අමතරව මෙම වටිනා නිර්මාණය සිදු කරන ලද සාකීර් අහමඩ් වැනි නව නිපැයුම්කරුවන් හට ඔවුන්ගේ මේ රටක් වටිනා නිර්මාණයන් ඇගයීමට ලක්කොට අදාළ වැඩපිළිවෙලවල් සලසා දීම වැදගත් වේ.
- for more visit www.srilankabrand.info
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ