ඇතාට ඇණ ගහන්න ගිහින් අමාරුවේ වැටේ

ගස්ලබු වගාව වනසා දැමු ඇතකු මරා  දැමීම සදහා යකඩ ඇණ ලැලි සැකසු වතු මුරකරුවකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවි අඩවි කාර්යාලය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ කරුවලගස්වැව 17 කණුව  සිමාවේ වෛද්‍යවරයකුගේ ඉඩමක මුරකරුවකු බව වනජීවි නිළධාරින් පවසයි.

කරුවලගස්වැව වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක බි.රාමසිංහ මහතා පවසා සිටියේ අදාල සැකකරු රැකියාව කරනු ලබන ඉඩමේ ගස්ලබු වගාවක් ඇතකු වනසා දැමිමට කුපිත විමේන් පසු මෙම ඇණ ලෑලි සකසා ඇතා එන මාර්ගයට දමා  ඇති බවයි .

ඒ පිළිබඳව ලැබුණු තොරතුරක් මත සිදුකල වැටලිමේදි මෙම සැකකාර මුරකරු විසින් සකසා තිබු ඇණ ලෑලි සොයා ගත් බවයි.

අඩවි ආරක්ෂකවරයා වැඩි දුරටත් පවසා සිටියේ යම් හේයකින් ඇතාගේ පාද වලට මෙම ඇණ ලෑලි ඇණි ගියේ නම් සති ගණනක් ඇතා එහි තුවාල වලින් පිඩා විද මරණයට පවා ලක්විමට ඉඩ තිබු බවයි.

අත් අඩංගුවට ගත් සැකකාර වතු මුරකරු වනජීවි ඇප මත මුදා හැර ඇති බවත් ඉදිරි දිනකදි පුත්තලම අධිකරණයට ඉදිරිපත් විමට දැනුම් දි තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com