ඉන්දියාවෙන් සොයා ගැනුණු ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදය මේ වනවිට ලෝකයට විශාල තර්ජනයක් එල්ල කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තෙද්‍රෝස් ගෙබ්‍රෙයේසස් පසුගිය දා පවසා තිබුණේ මෙවැනි ප්‍රභේද තවදුරටත් වෙනස්කම්වලට භාජනය වෙමින් අලුත් විකෘතීන් ඇති වෙමින් තිබෙන බවයි.
මේ නිසා ලෝකය නැවතත් වසංගතයේ භයානක කාල පරිච්ඡේදයකට අවතීර්ණ වී ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
ලොව බොහෝ රටවල ජනතාවගෙන් අති විශාල කොටසක් තවමත් එන්නත්කරණයට ලක්ව නොමැති පසුබිම තුළ තත්ත්වය වඩාත් බරපතළ වන බව ද ඔහු තවදුරටත් පවසා තිබිණි. මෙවැනි රටවල රෝහල් යළිත් වරක් රෝගීන්ගෙන් පිරී යාමේ තත්ත්වයක් දක්නට ලැබෙන බවද ගෙබ්‍රෙයේසස් ප්‍රකාශ කර ඇත.
‘කිසිදු රටක් තවමත් අනතුරෙන් නිදහස් වී නැහැ. ඩෙල්ටා ප්‍රභේදය ඉතාම භයානකයි. එහි තවදුරටත් වෙනස්කම් සිදු වෙමින්, අලුත් විකෘතීන් ඇති වෙමින් තිබෙනවා. මේ නිසා ඒ ගැන නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටිය යුතු තත්ත්වයක් මතුව ඇති බව පැවසිය හැකියි. එමෙන්ම මහජන සෞඛ්‍ය පිළිවෙත්වලද අවශ්‍ය වෙනස්කම් සිදු කළ යුතුව තිබෙනවා’ යැයි ඔහු සඳහන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට රටවල් 98කින් වාර්තා වී තිබේ.
වයිරසයේ ව්‍යාප්තිය ගැන දැඩි අවධානයෙන් පසුවීම, ඉක්මනින් ආසාදිතයන් හඳුනා ගැනීම, කොවිඩ් පරීක්ෂාවන් ක්‍රමවත් කිරීම, සංචරණ සීමා පැනවීම, මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, සෙනග ගැවසෙන ස්ථාන මග හැරීම, ගෘහස්ත ස්ථානවලට හොඳින් වාතාශ්‍රය ලැබෙන්නට සැලැස්වීම වැනි පියවර දිගටම අනුගමනය කිරීම මගින් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට රටවල් ක්‍රියා කළ යුතු බව එම සංවිධානය අවධාරණය කරයි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ