මාර්ග නිති කඩ කරමින් මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගයේ යතුරු පැදියකින් ගමන්කල මනාල යුවලකට රුපියල් 85,000 ක මුදලක් දඩ වශයෙන් නියම කළා. මාර්ග නිති 08ක් කැඩිම සම්බන්ධයෙන් එම යුවලට චෝදනා එල්ල වී තිබෙනවා. තෙල්දෙණිය දිසා අධිකරණය ඊයේ මෙම නියෝගය ලබාදුන් බවයි අප වාර්තාකරු පැවැසුවේ.
මෙම මනාල යුවල මහනුවර – මහියංගණය මාර්ගයේ යතුරු පැදියෙන් ගමන් කර ඇති බවත්, අධික වේගය පිළිබඳ සංඥා කළද එම සංඥා නොතකමින් ගමන් කළ බවද පොලිසිය අධිකරණය වෙත දැනුම් දුන්නා. මේ හේතුවෙන් එම යුවල අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් දෙදෙනා පසුපස හඹා හඹා යාමටද පොලිසියට සිදුව තිබෙනවා.
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි කරුවන් වන මෙම මනාල යුවල විවාහ විමෙන් පසුව මෙලෙස මංගල සවාරියක නිරතවි ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එහෙත් පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ එම දෙපලට රියදුරු බල පත්‍රයක් හෝ නොතිබූ බවයි.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ