මැදපෙරදිග විශාලතම ප්‍රවාහන මධ්‍යස්ථානය වන ඩුබායිහි ජෙබෙල් අලි වරායේ නෞකාවක පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වරායේ නවතා තිබු බහාලුම් නෞකාවක කන්ටේනරයක මෙම පිපිරීම සිදුව ඇති අතර ඉන් විශාල ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වේ.
මේ වන විට එම ගින්න පාලනය කර තිබෙන බව ඩුබායි මාධ්‍ය කාර්යාලය පවසයි.
මෙම පිපිරීම කිලෝ මීටර් 15 ක පමණ දුරකට දැනුණු අතර ඇතැම් ගොඩනැගිලිවල ද දෙදරීමක් දැනුණු බව මැදපෙරදිග මාධ්‍ය වාර්තා කරයි.
මෙම දින වල පවතින අධික උෂ්ණත්වය මෙම පිපිරීමට හේතු වී ඇති බවට සැක පළ කරන අතර මෙම පිපිරීමෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්