විද්‍යුත් වාහන භාවිතය පිළිබඳ නියමු ව්‍යාපෘතියක් ලබන වසරේදී (2022) ආරම්භ කිරීමට උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමට තීරණය කර ඇත.
ලබන වසරේදී නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා මෙම සැලැස්ම සැකසීමට පරිසර, ප්‍රවාහන, විදුලිබල, බලශක්ති, කර්මාන්ත හා මුදල් අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට නියමිතය. ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ සහායද ලබාගෙන සකස් කරන වාර්තාව අමාත්‍ය මණ්ඩලයට යොමුකර අවසන් තීරණයක් ගන්නා බව පරිසර අමාත්‍යාංශය පවසයි.
මෙම ව්‍යාපෘතිය සඳහා ගෝලීය පාරිසරික පහසුකම මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙයි. දැනට පවත්නා තාක්ෂණය අනුව වරක් ආරෝපණය කළ විද්‍යුත් වාහනයක් ධාවනය කළ හැකි උපරිම දුර ප්‍රමාණය කිලෝමීටර 300කි. ඉදිරියේදී එම සීමාව කිලෝමීටර 500 දක්වා වැඩි විය හැකි බව අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.
දැනට දිවයින පුරා ආරෝපණ මධ්‍යස්ථාන 55ක් ඉදිකර ඇත. එම සංඛ්‍යාව 200 දක්වා වැඩි කිරීමට ද නියමිතය. විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම තුළින් වායු දූෂණය අවම වන අතර රෝගාබාධවලින් ජනතාව ආරක්ෂා කර ගත හැකි බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි. 2020 වර්ෂය අවසානය වන විට දිස්ත්‍රික්ක හතක දැඩි රථවාහන තදබදයක් හා වායු දූෂණයක් සිදුවන බව හඳුනාගෙන තිබේ. කොළඹ, මහනුවර, කුරුණෑගල, ගාල්ල, මාතර, රත්නපුර, අනුරාධපුර එම දිස්ත්‍රික්ක වෙයි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ