රජයේ වගකීම් මෙන්ම පක්ෂයේ ඉදිරි ගමනද සහතික කරනවා

මුදල් අමාත්‍යවරයා ලෙස රජයේ ප්‍රමුඛතාවන්ට මුල්තැන දෙමින් රජයේ වගකීම් සේම පක්ෂය වෙනුවෙන් ඉටුකළ යුතු කාර්යභාරයද නොපිරිහෙලා ඉටුකිරීමට කැප වන බව බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.

රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (11) අරලියගහ මන්දිරයේදී හිටපු පළාත් සභා නියෝජිතයින්ගේ හමුව අමතමිනි.

තමන්ට ඒ සඳහා සියලු දෙනාගේ සහය අවශ්‍ය බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ජනතාව වෙනුවෙන් කැප කිරීමට තමන් කිසිවිටෙක පසුබට නොවන බවත් අතීතයේ කටයුතු කළා සේ මව්බිම සහ ජනතාව පෙරමුණේ තබාගෙන කටයුතු කිරීමට ඉදිරියේදී කැපවෙන බවත් හෙතෙම සඳහන් කරන ලදී.

හිටපු පළාත් සභා නියෝජිතයින් රටේ සංවර්ධන කාර්යයට දායක කරගැනීමේදී මතුව තිබෙන ගැටළු පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් කතා කර තිබේ.

පසුගිය 2006, 2007 සහ 2008 වසර වලදී යුද්ධය පැවති සමයේ රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.2ක පමණ අඩු මට්ටමක පවතිද්දී යුද්ධයටද මුහුණ දෙමින් ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමට හැකි වූ බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍යවරයා ලෙස කොරෝනා තත්ත්වය හමුවේ පවතින අභියෝග පහසුවෙන් ජයගෙන රටටත් ජනතාවටත් ආර්ථික සෞභාගය ළඟා කරදීමට හැකිවනු ඇති බව එහිදී හිටපු පළාත් සභා නියෝජිතයෝ පෙන්වා දී ඇත.

—————-LankaNewsWeb—————

WP Twitter Auto Publish Powered By : XYZScripts.com