මෙම වසරේ මේ දක්වා කාලය තුළදි මෙරටින් මී උණ රෝගීන් 3226 ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව මේ මස මේ දක්වා කාලය තුළදි මෙරටින් මී උණ රෝගින් 271 දෙනකු හමු වී ඇත.
පසුගිය මාස හතක කාලය තුළදී වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මාර්තු සහ අප්‍රේල් මාස දෙකේදී වන අතර එම සංඛ්‍යාව 1549 කි.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 483 දෙනකුත්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 384 දෙනකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 298 දෙනකුත්, මොනරාගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 252 දෙනකුත් වශයෙන් පසුගිය කාලයේ වැඩි වශයෙන් රෝගීන් වාර්තා වී ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ