තමාට අද දින නොපැමිණෙන ලෙස ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකය දැනුම්දුන්නා මිස තමා අද දින පැමිණිය නොහැකි බව ප්‍රකාශ කළේ නොමැති බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ පළමුව විමර්ශන ඒකකය තම නීතීඥවරුන් හරහා අද දින පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී තිබුණ ද ඊයේ රාත්‍රී 11 ට පමණ අද දින නොපැමිණෙන ලෙසත් වෙනත් දිනයක් ලබාදෙන බවත් එම ඒකකය තමන්ට දැනුම්දුන් බවයි.
ඇතැම් මාධ්‍ය තමාගේ පෞද්ගලික හේතූන් මත අද නොපැමිණෙන ලෙස විශේෂ විමර්ශන ඒකකයට දැන්වූ බවට පුවත් පළ කිරීම නිසා විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණි බවයි.
ක්‍රීඩාවට ආදරය කරන පුද්ගලයෙක් ලෙස අදාල පරීක්ෂණ සදහා තමා වගකීමෙන් යුතුව කටයුතු කරන බවත් ඒ නිසාම පැමිණි බවත් මහේල ජයවර්ධන මාධ්‍ය වෙත පවසා සිටියා.
2011 ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදු වූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මේ වනවිට පරීක්ෂණයක් පවත්වනවා.
එම ඒකකය මේ වනවිට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු ප්‍රධානී අරවින්ද ද සිල්වා සහ කුමාර් සංගක්කාරගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ