තේ වගාව සඳහා කාබනික නයිට්‍රිජන් පොහොර පිටරටින් ආනයනය කිරීමට සියල්ල සූදානම් කර ඇති බවත් දැනටමත් ඒ සඳහා සැපයුම්කරුවන් කිහිපදෙනෙක්ම ඉදිරිපත්ව සිටින බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
“තේ වගාවේ ප්‍රධාන කාරණය නයිට්‍රිජන් ප්‍රභවයක් තියෙන්න අවශ්‍යයයි දළු ඉවත් කිරීමේදී ඒ සඳහා අවශ්‍ය නයිට්‍රිජන් ලබාදෙන්න. ඒ නයිට්‍රිජන් ප්‍රමාණය අනිවාර්යයෙන්ම ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වගේම මදි ප්‍රමාණයක් තියෙනවා නම් කාබනික නයිට්‍රිජන් පිටරටින් ගෙනල්ලා ලබාදෙන්නත් අපි කටයුතු සූදානම් කරමින් තිබෙන්නෙ. ඒකෙ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ වෙලා තිබෙනවා. දැනටමත් නිෂ්පාදකයින් එහෙම නැත්නම් සැපයුම්කරුවන් කිහිපදෙනෙක්ම ඉදිරිපත් වෙලා තිබෙනවා.
ඉතිං ඒ නිසා ශ්‍රී ලංකාව සතුව දැනට තිබෙන පොහොර ප්‍රමාණය අවසන් වෙනකොට අපට කාබනික පොහොර මේ රටේ භාවිතය සඳහා ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. කිලෝ මිලියන 160ක් අපි නිෂ්පාදනය කරලා තිබෙනවා. තේ පළවෙනි මාස හයක කාලය තුළත් ඉදිරි මාස හය ගත්තාට පස්සෙ අපි විශ්වාස කරනවා ලංකාවෙ වැඩිම තේ නිෂ්පාදනය කරන වර්ෂයක් හැටියට අනිවාර්යයෙන්ම 2021 වර්ෂය සටහන් වෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ ගාල්ල වලහන්දූව කොම්පෝස්ට් නිෂ්පාදන ආදර්ශ ඒකකයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (14) එක්වෙමිනි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ