වත්තල – මාබෝල නගර සභාවේ ලේකම්වරියට පහරදීමට උත්සාහ කරමින් කලහකාරී ලෙස හැසුරුණු නගර සභා මන්ත්රීවරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නගර සභාවේ ලේකම්වරිය වන දීපානි දිල්රුක්ෂි මහත්මිය හමුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ලෙනාර්ඩ් රෝහණ නම් එම නගර සභා මන්ත්රීවරයා පසුගිය 7 වනදා නගර සභා පරිශ්රයට පැමිණ තිබුණි.
නමුත් එම අවස්ථාවේ ඇය, නගර සභා සභාපතිවරයා සමග zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක නිරත වී සිට ඇති අතර එහිදී ඇතිවූ ප්රමාදය හේතුවෙන් එම මන්ත්රීවරයා කලහකාරී ලෙස හැසිරී ඇතැයි සඳහන් වේ.
පසුව ඔහු වත්තල – මාබෝල නගර සභාවේ ලේකම්වරියට පහරදීමට උත්සාහ කර ඇති අතර එම නිලධාරිනියගේ ලැප් ටොප් පරිඝනකය පොළොවේ ගසා ඇති බවද ඇය පැවසුවාය.
එම සිද්ධිය පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකාර නාගරික මන්ත්රීවරයාව ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (15) අධිකරණයට ඉදිරිපත්කර තිබේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ