සම රහිත කුකුළු මස් කිලෝ ග්‍රෑම් එකක සිල්ලර මිල අද (16) උදෑසන වනවිට රුපියල් 720ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පෙරේදා දිනය වන විට මෙය රුපියල් 590ක මට්ටමේ පැවති අතර ඊයේ දිනයේදී රුපියල් 660ක් දක්වා ඉහළ ගොස් තිබිණි. අද උදෑසන වනවිට ඇතැම් ස්ථානවල සම රහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 680ක පමණ මිලකට අලෙවි වනු ද දැකිය හැකිවූ අතර ඇතැම් ස්ථානවල එය රුපියල් 750ක් වැනි මිලකටත් අලෙවි කෙරිණි.
මේ අතර සිල්ලර වෙළඳුන් පවසන්නේ ඇතැම් විට අද සවස් වෙද්දී තවත් රුපියල් 50කින් පමණ කුකුළු මස් කිලෝවක මිල ඉහළ යාහැකි බවට තොග වෙළඳුන් අනතුරු හඟවා ඇති බවකි.
කුකුළු කෑම මිල ඉහළයාම සහ කුකුළු මස් සඳහා වන ඉල්ලුම ඉහළ යෑම මෙසේ අධිවේගයෙන් මිල ඉහළ යෑමට හේතුවී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ. කෙසේවෙතත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියත් සමග මාළු ආහාරයට ගැනීමෙන් තවමත් ඈත්වී සිටින සාමාන්‍ය ජනතාව මෙසේ කුකුළු මස් මිලත් අධිවේගයෙන් ඉහළ යෑම හමුවේ දැඩි අපහසුතාවකට පත්ව සිටිති.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්