නිල්වලා ගඟට වැටී අතුරුදන් වූ පොලිස් නිලධාරිගේ සිරුර හමුවී තිබෙනවා. ඒ මාතර නාදුගල පොම්පාගාරය ප්රදේශයේදීයි.
පසුගියදා ජංගම දුරකථනයක් ගඟට වැටීමත් සමඟ ඔහු එය ගොඩට ගැනීමට උත්සහ කිරීමේදී මෙම පොලිස් නිලධාරියා කිඹුලෙකු ඩැහැගෙන ගිය බවයි ප්රදේශවාසීන් ප්රකාශ කළේ.
මේ වනවිට තොරතුරු වර්තා වන්නේ එම ස්ථානයේ පැවති සාදයකදී ඔහුගේ මිතුරෙකුගේ ජංගම දුරකතනයක් ගඟට වැටී ඇති බවයි.
කෙසේ වෙතත් එම මිතුරා නිවසට ඇරලවා මියගිය පොලිස් නිලධාරියා යලි එම ස්ථානයට පැමිණ තිබෙනවා. පසුව ගඟට වැටී තිබූ දුරකථනයේ ආලෝකයක් දැල්වීමත් සමඟ ඔහු එය දැක ගඟට බැස එය ගොඩ සිටි මිතුරෙකුට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව ඔහු ගඟෙන් ගොඩට පැමිණීම සඳහා උත්සාහ කිරීමේදී යලිත් පය ලිස්සා ගඟට ඇදවැටී ඒ සමඟ එක්වරම පැමිණි කිඹුලා ඔහු ඩැහැගෙන ගොස් තිබෙනවා. අනතුරුව අද දිනයේ ඔහු ගඟට වැටුණු ස්ථානයේ සිට මීටර් මීටර් 300 ක් දුරින් තිබියදී ඔහුගේ සිරුර හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කොම්පඤ්ඤවීදිය පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු බවටයි තොරතුරු අනාවරණ වන්නේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව