පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ වයෝවෘද්ධ වැඩිහිටියන්ට ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් එන්නත් කිරීමේ කටයුතු අද (17) ආරම්භ කෙරුණි.
මේ අතර කතරගම පූජා නගරය සහ ඒ අවට කොවිඩ් පැතිරීමේ වර්ධනයක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.
කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා සඳහන් කළේ, “පෙරහැරට පෙර කිසිම ආසාදිතයෙක් නැති තත්ත්වයක් තිබුණා. පෙරහරත් සමග බස්නාහිර පළාතෙන් පිරිස් පැමිණීම නිසා ආසාදිතයින් වාර්තා වෙන්න පටන්ගෙන.”
මේ අතර සෞඛ්‍ය ආරක්ෂිතව පොහොයකර්ම සිදු කරමින් එළඹෙන ඇසළ පුන් පොහෝ දිනෙන් ආරම්භ වන භික්ෂූන් වහන්සේගේ වස් විසීමේ කටයුතු සිදුකරන ලෙස මල්වතු සහ අස්ගිරි උභය මහා විහාර දැනුම් දී තිබේ.
මාස කිහිපයක් ක්‍රියාත්මක කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කර ඇති බැවින් වෙහෙර විහාරස්ථාන තුළ තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ ආගමික කටයුතුවල නිරතවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද දැනුම්දී ඇත.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ