ඔක්සිජන් හිඟයක් මැද ඉන්දුනීසියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
ගතවූ පැය 24 තුළදී ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් සහ මරණ ද එරටින් වාර්තා විය.
වත්මන් කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ඉන්දුනීසියාව කොවිඩ් වෛරස් දෙවෙනි රැල්ල හමුවේ මහා ව්‍යසනයක් වෙත යමින් සිටී.
ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ලොව සෙසු රටවල් අභිබවමින් එරට කොවිඩ් ආසාදිතයින් ඉහළ ගොස් ඇත්තේ වාර්තා ගත ලෙසය.
අඛණ්ඩව දෙවන දිනටත් එරට දෛනික මරණ දහසේ සීමාව ඉක්මවා ගිය අතර අලුතින් රෝගීන් 51,952 වාර්තා වී තිබේ.
මේ වනවිට ඉන්දුනීසියාවේ අගනගරය වන ජකර්තා හි දෛනික වෛද්‍ය ඔක්සිජන් අවශ්‍යතාව ටොන් 100කි.
දැනට පවතින ඔක්සිජන් හිඟය පියවීම සඳහා රජයට කඩිනම් පියවර ගැනීමට සිදුව ඇති බවත් සඳහන් වේ.
ජකර්තා බලධාරීන් පවසන්නේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ඔක්සිජන් තොග නොමැති අතර ඉහළ යන ඉල්ලුම හේතුවෙන් ඔක්සිජන් මිල සියයට 900කින් ඉහළ ගොස් ඇති බවය.
ඊට ප්‍රතිචාර දක්වමින් රජය මධ්‍යම ජකර්තාහි දෛනිකව ඔක්සිජන් සිලින්ඩර 300ක් පිරවිය හැකි කියුබික් මීටර් 6 ක ධාරිතාවයකින් යුත් තාවකාලික ඔක්සිජන් මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇතත් ඒ අසළද දැන් දිගු පෝළිම් දක්නට ලැබේ.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්