මියගිය කැස්බෑවන් 06 කගේ සිරුරු මන්නාරම වංකාලෙයිපාඩු වෙරළට ගොඩගසා තිබෙනවා. වංකාලෙයිපාඩු නාවික කඳවුරේ සෙබළුන්ට, වෙරළට ගොඩගැසූ මෙම කැස්බෑ සිරුරු හමු වී ඇති අතර නාවික කඳවුරේ බළධාරීන් විසින් ඒ පිළිබඳව මන්නාරම වනජීවී නිළධාරී කාර්යාලය දැනුවත් කර තිබෙනවා.
එම දැනුම්දීමට අනුව වනජීවී නිළධාරීන් විසින් අදාල ස්ථානයට ගොස් කැස්බෑ සිරුරු රැගෙන ගොස් ඇති අතර කැස්බෑ සිරුරුවල කොටස් සායන පරීක්ෂාවක් සඳහා යොමුකිරීමට නියමිතය.
මෙම කැස්බෑ සිරුරු හමුවන විටත් නරක් වී තිබූ අතර මේ නිසා මරණයට හේතුව මේ දක්වා නිශ්චිතව තහවුරු කරගෙන නොමැත.
කොළඹ වරාය ආසන්න මුහුදේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හා එම නෞකාව මුහුදුබත් වීමේ සිදුවීමෙන් පසුව කැස්බෑවන්, ඩොල්ෆිස් මත්ස්‍යයන් ඇතුළු මුහුදු ජීවීන් ගණනාවකගේ මළසිරුරු වෙරළට ගොඩගසා තිබිණි. කෙසේ නමුත් රජයේ ඇමතිවරුන් සඳහන් කළේ මත්ස්‍යයන් මියයමා වාරකන් සමයේදී සිදුවන සාමාන්‍ය සිදුවීමක් බවයි. මත්ස්‍යයන් මියයාම හා නෞකාවේ අනතුර අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවද එම ඇමතිවරු පෙන්වා දී තිබිණි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ