කොවිඩ් අවදානම් තත්ත්වය හමුවේ වුවද සෞඛ්‍ය අංශ උපදෙස්වලට අනුව පෞරාණික චාරිත්‍ර ගරුකරමින් ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර තිබෙන බව දියවඩන නිලමේ නිලංග දෑල පැවැසීය.
පවතින තත්ත්වය හමුවේ පෙරහරට සම්බන්ධ වන සියලු කලාකරුවන් ජෛව බුබුළක් ආකාරයට රඳවා තබාගෙන පෙරහර කටයුතුවලටද සම්බන්ධව සෞඛ්‍ය උපදෙස් මත ඉදිරි තීරණ ගන්නා බවද කළ විමසීමක දී දියවඩන නිලමේවරයා ප්‍රකාශ කළේය.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සම්බන්ධ වන ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි සියලු කලාකරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇත.
කලාකරුවන්ට අමතරව පෙරහර සමයේ මී පැණි පූජාව සඳහා පැමිණෙන ආදිවාසීන් ඇතුළු පිරිසකටද එන්නත් ලබා දී තිබේ.
කෙසේ වුවද ඇසළ පෙරහර මංගල්‍යය නැරැඹීම සඳහා සාමාන්‍ය ජනාතවට අවස්ථාව ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නැති බවද දියවඩන නිලමේවරයා සඳහන් කළේය.
රටේ පවතින තත්ත්වය අනුව මහනුවර ඇසල පෙරහර මංගල්‍යය නැරැඹීම සඳහා ජනතාවට අවස්ථාවක් ලබා නොදීම වඩාත් යහපත් බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
අගෝස්තු මස 09 වැනි දින කප් සිටුවීමෙන් අනතුරුව එම මස 13 වැනිදා සිට 17 වැනිදා දක්වා කුඹල් පෙරහර පැවැත්වෙන අතර 18 වැනිදා සිට 22 වැනිදා දක්වා රන්දෝලි පෙරහර පැවැත්වේ. 23 වැනිදා දවල් පෙරහර හා දිය කැපීමේ මංගල්‍යය පැවැත්වීමට නියමිතය.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ