ක්‍රීඩාවේ මහා මංගල්‍යය වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී ශ්‍රී ලංකා වේලාවෙන් අද (23) පස්වරුවේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මෙවර පැවැත්වෙන්නේ ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. වසර හතරකට වරක් රටවල් 200කට අධික ප්‍රමාණයක ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙය, ලොව ප්‍රමුඛතම ක්‍රීඩා උළෙලයි.
මෙවර එය පැවැත් වෙන්නේ තිස් දෙවන වරටයි. මෙවර ජපානයේ ටෝකියෝ ඔලිම්පික් සත්කාරකත්වය දිනා ගනු ලැබුවේ දෙවන වරට වන අතර ඔවුන් මීට පෙර 1964 වසරේදී ඔලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය සපයා තිබෙනවා.
එය ආසියානු රටක පැවති පළමු ඔලිම්පික් තරගය ලෙසයි සැලකෙන්නේ.
එය ශ්‍රී ලංකාවටද අතිශය වැදගත් තරගයක් වූ අතර 1964 වසරේ පැවති ඔලිපික් උලෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර දසදහස ඉසව්ව නියෝජනය කරමින් සහභාගී වූ R.J.K කරුණානන්ද හේතුවෙන්. ඒ අනුව ඔහු මීටර දසදහස ඉසව්ව සඳහා සහභාගී වූ අතර සෙසු ක්‍රීඩකයන් තරගයෙන් ඉවත් වෙද්දි කරුණානන්ද තරගය අවසන් කළේ සියලු ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගනිමින්.
මේ හේතුවෙන් 1964 පැවති ඔලිම්පික් උලෙළේදී විශිෂ්ඨතම පරාජිතයා ලෙස ඔහු සම්මානයට පාත්‍ර වූ අතර අවසානයේ ඔහුගේ උත්සහය පිළිබඳ කතාව ජපානයේ පෙළ පොත්වලටද ඇතුළත් වී තිබුණා.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්