සිංගප්පූරුව තුළ එන්නත් ලබාගත් ජනගහනය අතර වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයන් හඳුනාගනිමින් ඇති බව වාර්තා වේ.
ඉකුත් සති 4ක කාලයේදී සිංගප්පූරුවෙන් වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින්ගෙන් 3න් 1ක් එන්නත් ලබාගත් අය බව එරට රජයේ දත්ත සඳහන් කරයි.
සිංගප්පූරුවේ මේ වනවිට එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර තිබෙන අතර එරට ජනගහනයෙන් සියයට 75කට ආසන්න පිරිසක් මේ වනවිට එන්නත්කරණයට ලක්කර අවසන්ය.
සිංගප්පූරුවේ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසකට මේ වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බවද සඳහන් වේ.
ඉකුත් සති 4ක කාලයේ දී කොවිඩ් ආසාදිතයන් 1,096 දෙනකු හඳුනාගෙන ඇති අතර එයින් 484 දෙනකු එනම් සියයට 44කට ආසනන් පිරිසක් සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක්වූවන් බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත සඳහන් කරයි.
එයින් සියයට 30ක් එක් එන්නතක් පමණක් ලබාගත් අය වන අතර සියයට 25ක් එන්නත්කරණයට ලක් නොවූ අය වේ.
ඉකුත් සති 4ක කාලයේදී හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයන්ගෙන් හත් දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බවත් ඔක්සිජන් සහාය අවශ්‍ය වූ බවත් ඔවුන්ගෙන් හය දෙනකු එන්නත ලබා නොගත් අය බවත් අනෙක් පුද්ගලයා ලබාගෙන ඇත්තේ එක් එන්නත් මාත්‍රාවක් බවත් සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත.
ඊට අමතරව සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට වෛරසය ආසාදනය වූ පසු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවත් ඇතැම් අවස්ථාවලදී මද අසනීප ගතියක් පමණක් පෙන්නුම් කරන බවත් එම අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් එන්නත් ලබාගැනීම අකාර්යක්ෂම බව අදහස් නොවන බවද සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
අවසන් දින 14ක කාලයේදී වාර්තා වූ ආසාදිතයින්ගෙන් සියයට 88ක් එන්නත්කරණයට ලක්වූ වයස අවුරුදු 61ට වැඩි පුද්ගලයන්ය.
මෙම දත්ත දෙස බැලීමේදී එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන් අතරින් වැඩිහිටියන්ගේ ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාරය දුර්වල බව පෙනී යන බවද එරට සෞඛ්‍යය විශේෂඥයින් පෙන්වා දී තිබේ.
සිංගප්පූරුව එරටට ජාතික එන්නත්කරණ වැඩසටහන සඳහා භාවිත කරන්නේ ෆයිසර් සහ මොඩර්නා කොවිඩ්-19 මර්දන එන්නත්ය.
මේ අතර ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද 19 කෝටි 40 ලක්ෂය ඉක්මවා ගියේය.
කොවිඩ් හේතුවෙන් ලොව පුරා සිදුවූ මුළු මරණ ගණන 41 ලක්ෂ 59 දහසකට අධිකය.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්