ඕස්ට්‍රේලියාව තුළ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම නිසා ආසදිතයින්ගේ ප්‍රමාණය වැඩි වී ඇති හෙයින් විශේෂයෙන් සිඩ්නි නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව සති හතරක එනම් මාසයක කාලයකට නගරය වසා දැමීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ.
කෙසේවෙතත් මෙම දැඩි සංචරණ සීමා පැනවීමට එරෙහිව් සිඩ්නි නුවරට දහස් ගණනින් ජනතාව එක් රස වී විරෝධතා පවත්වා ඇති අතර මෙල්බර්න් හා බ්‍රිස්බේන් හිදීද කුඩා ප්‍රමාණයේ විරෝධතා පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
සිඩ්නි නුවර විරෝධතා එඅලට එක් වූ අය අතරින් 57 දෙනෙකු අත් අඩංගුවට පත්ව ඇති බවද සඳහන්.
ඩෙල්ටා ප්‍රභේදයේ වැඩිම බලපෑම එල්ල වී තිබෙන සිඩ්නි නුවර ඊයේ දිනයේ දී හදුනාගත් නව ආසාදිතයින් 136 දෙනෙකු සමග සිඩ්නි නගරයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1782ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම තත්ත්වය මතයි දැඩි සීමා පනවමින් නගරය වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙන්නේ.
එමඟින් රෝගය ව්‍යාප්තිය පාලනය වුවද ඕස්ට්‍රේලියානුවන් විරෝධතා දක්වන්නේ ඔවුන්ට නිදහස අවැසි බව පවසමිනි.
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වාර්තා අනුව ඕස්ට්‍රේලියාවේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් 32,594ක් වාර්තා වී තිබෙන අතර එරටින් කොවිඩ් 19 මරණ 916ක් වාර්තා වී ඇත.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්