ඉහලකීඹිය ප්‍රදේශයේ තරුණයකු කපාකොටා ඝාතනය කිරීමක්

වඳුරඹ විවරුගොඩ ඉහලකිඹිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු කඩුවකින් පහරදි කපාකොටා ඝාතනය කොට ඇති බව වඳුරඹ පොලීසිය සඳහන් කරයි.

පොලීසිය සඳහන් කරන්නේ අද (25) අළුයම 2.00ට පමණ ඝාතනයට ලක්වු පුද්ගලයාගේ නිවසට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු තරුණයාගේ හිසට, ගෙලට හා පාදයට කඩුවකින් පහරදි ඝාතනය කොට ඇති බවය.

පහරදිමෙන් බරපතල තුවාල ලැබු තරුණයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කරණවිටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ රණසිංහ මලිදුව ගමආරච්චිගේ ශෂි මදුසංක නැමති 23 හැවිරිදි තරුණයෙකි.

මියගිය පුද්ගලයා එදිනෙදා කුලිවැඩකරණ අයෙකු වන අතර පැරණි අමනාපයක් මත මෙකී ඝාතනය වී ඇති බව පොලීසිය පවසයි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා වඳුරඹ පොලිසිය පරික්ෂණ මෙහෙයවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com