ඇත්ගාල පොම්පාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (26) පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා පැය 9ක කාලයක් ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ ස්ථාන රැසක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබේ.
ඇත්ගාල නැගෙනහිර, ඇත්ගාල සිංහපුර, ඇත්ගාල ආරාම පාර, ඇත්ගාල ලක්ෂ පිහිල්ල 1 වන පටුමග, 2 වන පටුමග, ඇත්ගාල බංගලාව පාර ජයමාල රීජන්සි ටෙරස්, ජයමාලි පුර 6 වන පටුමග ඉහළ කොටසට එලෙස ජල කප්පාදුව සිදුකෙරෙනු ඇත.
තවද වත්තල ප්‍රදේශ කිහිපයකට ද හෙට පෙරවරු 10.00 සිට පැය 24 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ද මණ්ඩලය සඳහන් කරයි.
හැදල පාලම හරහා ජලනල එලීම සහ ප්‍රධාන නල මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන් ය.
ඒ අනුව වත්තල – මීගමුව පාරේ කොටසක්, මාබෝල කොටසක්, වැලිකඩමුල්ල, හැඳල පාර නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ග, අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලගහදූව සහ කෙරවලපිටිය කොටසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
මෙම ජල සැපයුම අත්හිටුවීම හෙට පෙරවරු 10.00 සිට අඟහරුවාදා පෙරවරු 10.00 දක්වා සිදු කෙරෙනු ඇත.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ