අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මස මුල සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව යම් සැලැස්මකට අනුව පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය, ජී.එල්. පීරිස් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) නෙළුම් මාවතේ පැවති පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
පාසල් හැකි ඉක්මනින් ආරම්භ කිරීමේ පරමාර්ථය ඇතිව මේ වනවිට දීප ව්‍යාප්ත මට්ටමින් ගුරුවරුන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල එන්නතරකරණ වැඩසටහන ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.
ඒ අනුව එන්නත්වල දෙවන මාත්‍රාව අගොස්තු අවසානයට පෙර ලබාදීමට ද අපේක්ෂිත ය.
අද උදෑසන වනවිට එම එන්නත්කරණ වැඩසටහනේ 77%ක් පමණ අවසන්කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ අනුව,
බස්නාහිර පළාතේ 98%ක්
දකුණු පළාතේ 83%ක්
වයඹ පළාතේ 82%ක්
උතුරු මැද පළාතේ 82%ක්
ඌව පළාතේ 80%ක්
මධ්‍යම පළාතේ 79%ක්
උතුරු පළාතේ 62%ක්
සබරගමු පළාතේ 52%ක්
නැගෙනහිර පළාතේ 48%ක්
වශයෙන් එම එන්නත්කරණය අවසන්කොට තිබේ.
ඒ අනුව අද උදෑසන වනවිට මෙම වැඩසටහන යටතේ 222,940ක ප්‍රමාණයක් සඳහා එන්නත් ලබා දී තිබේ.
මේ අතර ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව විසඳීමට රජය තමන්ට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍යවරයා අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ගුරු සංගම් සමග හෙට (27) සාකච්ඡාවක් පවත්වන බව අමාත්‍යවරයා පැවසීය.
වැටුප් විෂමතා ඉවත් කරන ලෙස රජයට බලකරමින් ගුරු – විදුහල්පති සංගම් අද 15වන දිනටත් වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණවල නිරතවිය.
බත්තරමුල්ල පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ද අද එක් උද්ඝෝෂණයක් පැවැත්වුණි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්