වෛද්‍ය සැපයීම් අංශයේ වාර්ෂික ශල්‍ය ගෝස් අවශ්‍යතාවය දේශීය සුළු පරිමාණ ව්‍යාපාරිකයන් වෙතින් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව 2021 වර්ෂය සඳහා අවශ්‍ය ශල්‍ය ගෝස් මීටර මිලියන 30 ක් රුපියල් මිලියන 774 ක මුදලකට දේශීය සැපයුම්කරුවන් 461 ක ගෙන් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ආයතන සඳහා අවශ්‍ය මූලික නික්ෂේපන ද්‍රාවණ දේශීය වෙළඳ පොලෙන් සපයා ගැනීම සඳහා පුද්ගලික සමාගමක් සමඟ ගිවිසුමකට එළඹීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට බලය පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන කැබිනට් තීරණ පහතින්,
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ