බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
වයඹ පළාතේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව ඔහු කීවේය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
More Stories
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්