පොලොන්නරුව මනම්පිටිය – දළුකනවාඩිය මාර්ගයේ දි අද අලුයම යුද හමුදා බස් රථයක් හා ජිප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ පිරිසිදු කිරීමේ ආයතනයක සේවිකාවන තිදෙනෙකි.
පොලොන්නරුවේ සිට මනම්පිටියේ නිරෝධායන කඳවුරකර රැගෙන යමින් සිටි කොරෝනා ආසාදිතයන් රැගෙන ගිය යුද හමුදා බස් රථයක් හා පොලොන්නරුව රෝහලට කම්කරු සේවිකාවන් රැගෙන ගිය කුඩා ජිප් රථයක් මෙසේ අනතුරට ලක් වි ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූ කාන්තාවන් තිදෙනාගේ තත්ත්වය බරපල බව පොලිසිය කියයි. අනතුර සිදුවන අවස්ථාවේ ජිප් රථයෙන් 13 දෙනකු ගමන් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ