සියලු දරුවන් නින්දට යාමට පැය භාගයකට පෙරවත් පරිගණක තිර සහ ජංගම දුරකථනවලින් ඈත් කර තබන ලෙස ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝ විද්‍යාඥ ටීනා සොලමන්ස් පැවැසුවාය.
එසේ නොමැති වුවහොත් නින්දට බාධා වී දරුවන්ගේ මානසික ආතතිය වැඩි වීමට එය හේතුවක් වන බව ද ඇය අවධාරණය කළාය.
මේ දිනවල සිදුවන මාර්ගගත අධ්‍යාපන ක්‍රමයත් සමග බොහෝ දරුවන්ට ජංගම දුරකථන සහ පරිගණක සමග වැඩි වශයෙන් කාලය ගත කිරීමට සිදුව ඇති නිසා ඔවුන්ට විවේකය අවශ්‍ය බව ද මනෝ විද්‍යාඥ ටීනා සොලමන්ස් කියා සිටියාය.
එසේම ළමුන්ට මානසික ආතතිය වැඩිවුවහොත් තරහ යාම, අවධානය යොමු කරගැනීමේ අවශ්‍යතාවය වැඩිවීම වැනි ගැටලුවලට මුහුණදීමට සිදුවන බව ද මනෝවිද්‍යාඥවරිය සඳහන් කළාය.
බොහෝ වෙලාවට මේ දිනවල දෙමාපියන්ගේ ආතතිය වැඩිවීමත් සමග ගෘහස්ථ හිංසනය වැඩිවීමක් ඇති බව ද එම නිසා දෙමාපියන් ද දිනකට පැය භාගයක කාලයක් පමණ විවේකයෙන් සිටීම අවශ්‍ය බව ඇය වැඩිදුරටත් පැවැසුවාය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ