ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එහිදී තවත් 30 දෙනෙකුට පමණ තුවාල සිදුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ හර්යානා නගරයේ සිට බිහාර් ප්‍රාන්තය වෙත ධාවනය වෙමින් තිබූ බස් රථයක් බරාබන්කි දිස්ත්‍රික්කයේදී අනතුරට පත්ව තිබුණි.
බස් රථය කාර්මික දෝෂයකට ලක්වීම නිසා නවතා තිබූ බවත් මගීන්ගෙන් පිරිසක් දෝෂය සකසන තුරු අසල මාර්ගයේ නිදා සිටි බවත් ඉන්දීය වාර්තා සඳහන් කළේය.
එම අවස්ථාවේ පැමිණි ට්‍රක් රථයක් බසයේ ගැටී අනතුර සිදුව තිබුණි.
බස් රථයේ මගීන් ගෙන යා හැක්කේ 65 දෙනෙක් පමණක් වුවද එහි මගීන් 140 දෙනෙක් පමණ ප්‍රවාහනය කරමින් සිට ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
මියගිය සියලුදෙනාම බිහාරයේ සිට පැමිණි සංක්‍රමණික කම්කරුවන් බව සඳහන් ය.
තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබේ. තුවාලකරුවන්ගෙන් ඇතැම් අය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රෝහල් වාර්තා සඳහන් කළේය.
අගමැති නරේන්ද්‍ර මෝදි අනතුර සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණි.
විපතට පත්වූවන්ගෙන් පවුල් වෙත ඉන්දීය රුපියල් ලක්ෂ දෙක බැගින් වන්දි මුදල් පිරිනැමීමටත් තුවාලවූ අය සඳහා රුපියල් පනස්දහසක දීමනාවක් ලබාදීමටත් ඔහු පියවර ගෙන ඇති බව සඳහන්ය.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්