කුළුඳුල් පිරිමි දරුවා කොරෝනාවට බිළිවෙයි.
දින තුනක් වයසැති බිළිඳකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.
වැලිපැන්න, ලෙව්වන්දුව, බෙලිවත්ත කන්ද පදිංචි යුවලකගේ කුළුඳුල් පිරිමි දරුවා මෙසේ මියගොස් ඇත.
නාගොඩ රෝහලේදී මෙම බිළිඳා උපත ලබා ඇති අතර උපත සිදුවූ දිනට පසුදින බිළිඳා නිවසට කැඳවාගෙන පැමිණ තිබේ. ඊට පසු දින උදෑසන මව බිළිඳාට මව්කිරි ලබාදී නිවසේ වැඩකටයුතු සිදුකර ඇති අතර පසුව බලද්දී දරුවා සෙලවීමක් නොමැති නිසා වහාම දර්ගා නගරය රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් මියගොස් ඇති බව රෝහලේ වෛද්‍යවරුන් පවසා තිබේ.
අනතුරුව මෙම මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය සිදු කළ වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති බිළිඳාගේ මරණය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් කිරීමට නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇත.
අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වූ නාගොඩ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.එස්. අත්තනායක මෙම බිළිඳාගේ මරණය කොවිඩ් ආසාදනය වීමෙන් ඇති වූවක් බවට වාර්තා කර තිබේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ