රාජ්‍ය ආයතනවල කටයුතු ලබන සඳුදා (2 වැනිදා) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි ‘අරුණ’ට ඊයේ (29දා) පැවසීය.
මීට අදාළ චක්‍රලේඛය අද (30 වැනිදා) දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් කී ලේකම්වරයා පළාත් අතර සංචරණ සීමා පැවතිය ද සෑම නිලධාරියෙකුම අනිවාර්‌යෙන්ම එදින සිට සේවයට වාර්තා කළ යුතු බවත් ඒ සඳහා ආයතන මගින් ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන බවත් කීවේය.
රාජ්‍ය ආයතනවල කටයුතු සාමාන්‍ය ලෙස ආරම්භ කිරීමට හැකිවන්නේ කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා වේගවත්ව සිදු වූ බැවින් යැයිද ඔහු පැවැසීය.
කොවිඩ් වසංගතයත් සමග රාජ්‍ය ආයතනවලට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් ගෙන්වා ගැනීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරමින් පසුගිය මැයි මස 10 වැනිදා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කෙරිණි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති