චීනයේ නැන්ජිං නම් නගරයෙන් හඳුනගත් කොවිඩ් පොකුරක් මේ වනවිට එරට තවත් ප්‍රාන්ත 5ක සහ බීජිං නගරයේ පැතිරගොස් ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
චීන බලධාරීන් පැවසුවේ මීට 2019 දෙසැම්බර් මාසයේ සිට වුහාන් ප්‍රදේශයේ වෛරසය පැතිර යාමෙන් අනතුරුව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් බහුලව වාර්තා වී ඇත්තේ මෙම අවස්ථාවේදී බවය.
නැන්ජිං නගරයේ ස්ථාපනය කර ඇති කාර්යබහුල ගුවන්තොටුපොළෙන් පසුගිය ජූලි 20 වනදා අසාදිතයෙක් හමුවී ඇති අතර අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී හඳුනාගෙන ඇත්තේ ආසාදිතයින් වෙනත් ප්‍රදේශවලින්ද හමු වී තිබුණි.
ආසාදිතයින් හමුවීම හේතුවෙන් නැන්ජිං ගුවන්තොටුපොළේ කටයුතු අගෝස්තු 11 වනදා තෙක් තාවකාලිකව අත්හිටුවා තිබේ.
එම නගරයේ සෞඛ්‍ය නිලධාරීන්ට විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරති. එසේම එම ප්‍රදේශයේ පරීක්ෂා කිරීම් වැඩිකිරීමට ද උපදෙස් දී ඇති බව වාර්තා වේ.
නගරයේ ජීවත්වන මිලියන 9.3ජ ජනගහණය සහ පිටතින් පැමිණ ඇති පුද්ගලයින්ව පරීක්ෂණ සඳහා යොමුකිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරයි.
සීඝ්රයෙන් පැතිරයන ඩෙල්ටා ප්‍රභේදය නව පොකුර වර්ධනය වීමට හේතුවී ඇතැයි බලධාරීන් පවසන අතර මුඛ ආවරණ පැලඳීම සහ අනෙකුත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්