ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල ආරම්භ වී දින 7ක් ගතවී තිබේ.
මේ වනවිට ඊට එක්ව සිටින රටවල් අතුරින් රටවල් 33ක් එක් ඔලිම්පික් රන් පදක්කමක් හෝ දිනාගෙන සිටී.
පදක්කම් සටහනේ ඉදිරියෙන්ම සිටින්නේ චීන කණ්ඩායමයි. ඔවුන් මේ දක්වා හිමිකරගෙන ඇති රන් පදක්කම් ගණන 18කි.
රිදී 10ක් සහ ලෝකඩ පදක්කම් 11ක් ද සමගින් චීනය හිමිකරගෙන ඇති මුළු පදක්කම් ගණන 38කි.
රන් පදක්කම් 19ක් දිනාගෙන ඇති සත්කාරක ජපානය පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ පසුවේ. ජපානය රිදී 4ක් සහ ලෝකඩ 7ක් සමගින් මුළු පදක්කම් 28ක් දිනාගෙන තිබේ.
ඇමෙරිකාව රන් 14ක්, රිදී 16ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගෙන සිටී.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි