ධනුෂ්ක ගුණතිලක , නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් පංච පුද්ගල විනය කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණ කීපයක් අද ගනු ලැබුවා.
එවා නම් ක්රිඩකයෙකුටම රුපියල් මිලියන 10 ක දඩයක් හා වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්.
ඊට අමතරව මාස 6 ක දේශීය ක්‍රිකට් තහනමක් පනවන ලදී.පනවන ලද වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමට අමතරව තවත් වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් වසර දෙකක කාලයක් සදහා අත්හිටුවා තිබෙනවා.
තවද මොවුන් තිදෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍යවරයාගේ උපදෙස් මත මානසික උපදේශනයට ද යොමු කිරීමට තීරණය වී තිබෙනවා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි