රිය අනතුරක් සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ක්රිකට් ක්රීඩක කුසල් මෙන්ඩිස් අද පානදුර මහේස්ත්රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනතුරු සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිටියේද යන්න අනාවරණ කර ගැනීමට සිදුකළ පරීකෂණයේ වාර්තාවද අද ලැබීමට නියමිත බව පොලිසිය පැවැසුවා.
එමෙන්ම මෙම අවස්ථාවේ ක්රිකට් ක්රීඩක අවිශ්ක ප්රනාන්දුද ඔහු සමඟ සිට ඇති බව පරීකෂණවලදී අනාවරණ වී තිඛෙනවා.
ඊයේ අලූයම ඔහු විසින් පදවන ලද සුඛෝපභෝගී මොටර් රථය පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබූ අතර, එහිදී 64 හැවිරිදි පාපැදිකරු ජීවිතකෂයට පත්වුණා.
එලෙස මරණයට පත්ව ඇත්තේ පානදුර ගොරකාන ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
පානදුර උතුර පොලිසියේ ප්රකාශකයෙකු කියා සිටියේ මිය ගිය පුද්ගලයාගේ දේශය පරීකෂණවලින් අනතුරුව ඥාතීන් වෙත බාර දුන් බවයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ