මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2076ක් දක්වා ඉහළට

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.ඒ, නව ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මොවුන් බහරේන් සිට පැමිණි දෙදෙනෙකු බවයි වාර්තාවන්නේ.


මේ අතර කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 18 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිඛෙනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 1903 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 160ක්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com