ශ්‍රී ලංකාව දරුණුතම කොවිඩ් වසංගත තත්වයකට මුහුණ දෙනු ඇත්තේ ඉදිරි මාස කිහිපයේදී බවට හොංකොං විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා අනතුරු හඟවයි.
“ගෝලීය වශයෙන් සහ දකුණු ආසියානු කලාපයේත් මූලික වශයෙන් කොවිඩ් – 19 ව්‍යාප්තියේ පහත වැටීමක් පැවතුණත් දකුණු ආසියානු කලාපය ඇතුළුව ගෝලීය වශයෙන් රෝගීන්ගේ වැඩිවීමක් යළිත් දකින්නට ලැබෙනවා. මීට මූලික වශයෙන් හේතුවී ඇත්තේ නව ඩෙල්ටා ප්‍රභේදයයි. මෙම ප්‍රභේදය නිසා ඉන්දියාවේ විශාල විනාශයක් සිදුවූ අතර ඉදිරි සති කිහිපය තුළ එය ශ්‍රී ලංකාවට ද විශාල බලපෑමක් සිදුකරනු ඇතැයි මම අවධාරණය කරන්න ඕනෙ. ඉදිරි මාස කිහිපය තුළ දරුණුතම කොවිඩ් වසංගතයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවන බවට අනතුරු හැඟවීමක් නොකළොත් මහජන සෞඛ්‍ය වෘත්තිකයෙකු වශයෙන් මම මගේ යුතුකම පැහැර හැරීමක් වෙයි.
ඉතා හොඳින් එන්නත්කරණය ඉදිරියට ගෙනයෑම ගැන රජයට සහ මහාචාර්ය ජයසුමන මහතාට මම සුබපැතුම් එක් කරනවා. කෙසේවෙතත් ඔබ දන්නා පරිදි සැලකියයුතු බලපෑමක් ඇතිකිරීම සඳහා එන්නත් මාත්‍රා දෙකක් ලබාගැනීම අවශ්‍ය වෙනවා. නමුත් ඉදිරි මාස කිහිපය තුළ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට එම මාත්‍රා දෙක ලබාගැනීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ පිළිබඳව ජනතාවට හොඳින් උපදෙස් ලබාදී ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
මහාචාර්ය මලික් පීරිස් මහතා සායනික සහ මහජන වසංගත විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන අතර ඉන්ෆ්ලුවන්සා, කොරෝනා වැනි වෛරස පිළිබඳ විශේෂයෙන් අධ්‍යනය කරන විද්වතෙකු ද වෙයි. 2003 වසරේදී සාර්ස් වසංගතය පිළිබඳ පර්යේෂණ කටයුතු වලදී ද මහාචාර්ය මලික් පීරිස් මහතා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර ඇත.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ