ඇතැම් පුද්ගලයන් ඔවුන්ට අවශ්‍ය එන්නත් තෝරා ගැනීමට සූදානම් වීම හේතුවෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. එම පුද්ගලයන් ෆයිසර් හෝ මොඩර්නා එන්නත හැර වෙනත් එන්නත් ලබා නොගැනීමේ ස්ථාවරයක සිටිමින් කටයුතු කරන බවත්, එය ඉතා අවදානම් සහගත වියහැකි බවත් පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ හොඳම විසඳුම පහසුවෙන් ලබාගත හැකි ඕනෑම එන්නතක් ලබා ගැනීම බවයි.
අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය අවසන් වූ වහාම අවුරුදු 18-30 වයස් කාණ්ඩයේ පුද්ගලයන්ට එන්නත් ලබාදීම ආරම්භ කරන බවත්, ඒ සඳහා අවශ්‍ය එන්නත් ඉදිරියේදී ලැබීමට නියමිත බවත් ජයසුමන මහතා සඳහන් කරනවා.
අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ලබන සතියේදී සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් ලැබීමට නියමිතව තිබෙන බවයි.
- LankaNewsWeb
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්