පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක් ඕමාන් බොක්ක කලාපයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන තිබේ.
නෞකාව පැහැරගත්තේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් නිශ්චිතව හෙළිවී නොමැත.
ඉරාන හමුදා විසින් මෙම පැහැරගැනීම සිදු කරන්නට ඇති බවටද විවිධ පාර්ශ්ව සැක පළකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
MV Asphalt Princess නෞකාව ඕමාන බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේදී එලෙස සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ඇත.
ලොයිඩ්ස් ලිස්ට් සමුද්‍රීය බුද්ධි අංශය තහවුරු කර ඇත්තේ, අදාළ නෞකාවට ඉරානය දෙසට යාත්‍රා කරන ලෙස පැහැරගත් කණ්ඩායම විසින් නියෝග කර ඇති බවය.
නෞකාවේ තාර ප්‍රවාහනය කරමින් තිබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඕමාන බොක්කේදී තෙල් නැවකට ප්‍රහාරයක් එල්ලවී සතියකටත් අඩු කාලයක් තුළ මෙම සිදුවීම වාර්තාවීම විශේෂත්වයකි.
අමෙරිකාව, බ්‍රිතාන්‍යය මෙන්ම ඊශ්‍රායෙලයත් චෝදනා කරන්නේ, නැවේ කාර්යමණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකුට මරු කැඳවූ එම ප්‍රහාරය ද ඉරානය විසින් සිදුකළ බවටය.
කෙසේවෙතත් තමන්ට එල්ලවන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරනවා.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ