කිසිදිනෙක කොටි සංවිධානය විසින් කුඩා දරුවන් සොල්දාදුවන් ලෙස භාවිත නොකළ බව එම සංවිධානයේ සන්නද්ධ නායකයෙකු සිටි කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් සඳහන් කරයි.
වයස අවුරුදු 18ට අඩු කිසිවකු එල්ටීටීඊ සංවිධානයට බඳවා ගැනීම නායක වේළුපිල්ලේ ප්රභාකරන් විසින් තහනම් කර තිබූ බවද ඔහු පවසයි.
ළමා සොල්දාදුවන් යැයි කියමින් ප්‍රසිද්ධ වී ඇති පින්තූර තුළ සිටින්නේ සැබෑ ළමා සොල්දාදුවන් නොවන බවද පැවසූ ඔහු ඒවා තම සංවිධානය විසින් භාවිතා කරන ලද්දේ ප්‍රචාරණ කටයුතු සඳහා බව ද එහි සිටින්නේ යොදා ගත් ළමා නළුවන් බවද කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ